චීන මහජන දේශපාලන උපදේශන වාර්ෂික සමුළුව අද (04දා) ආරම්භ වෙයි. චීනයේ ඉදිරි රාජ්‍ය ප්‍රතිපත්තිය කෙසේ සකස් විය යුතුදැයි මෙහිදී සැලකිල්ලට ගැනීමට නියමිතය. මෙම වාර්ෂික සමුළුව සඳහා නියෝජිතයන් දහස් ගණනක් මේ වනවිට බෙයිජිං වෙත පැමිණ සිටියි.
මෙම සමුළුවෙන් පසු, ජාතික මහජන කොංග්‍රසයේ සමුළුව හෙට (05දා) පැවැත්වීමට නියමිතය. සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සමුළුවේදී ජනාධිපති ෂී ජින්පින් මහතාගේ තෙවැනි ධුර කාලය අනුමත වීමට නියමිත බව වාර්තා වේ.
පෙර වසරවලදී මෙම සමුළුවලදී වැදගත් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 දී, කොංග්‍රසය චීන නායකයන් සඳහා සම්ප්‍රදායිකව පැවැති 'වාර දෙකක් පමණයි' යන සීමාව ඉවත් කිරීමට ඡන්දය දුන් අතර, ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට අවස්ථාව ලබා දුන්නේය.
(නවෝද්‍යා පවනි - චීනයේ බෙයිජිං නුවර සිට)