හෙට දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන බව එම දෙපාරත්මේන්තුව දන්වා සිටියි.
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරෙමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරට් දන්වා සිටියි.