දැවැන්ත කිඹුලෙක් අල්ලා ගනියි
අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්රදේශවාසීන් විසින් අල්ලා අද (03) උදෑසන වන ජීවී නිලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
විශේෂයෙන්ම නිල්වලා ගගේ සිටින විශාල කිඹුලන් කුඩා ඇල මාර්ග ඔස්සේ ගමට පැමිණීම නිසා උයන්වත්ත හා පිලදුව ගම්වාසීන් දීර්ඝ කාලයක සිට දැඩි භීතියකින් පසුවිය.
ඒ ආකාරයට පිලදුව ඇල ඔස්සේ පෙරේදා (02) රාත්රී 11.00 ට පමණ පැමිණි කිඹුලාට ආපසු නිල්වලා ගගට යාමට නොහැකි වන පරිදි කොටු කර ගෙන අල්ලා ගැනීමට ප්රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඒ අනුව පැය 06 ක පමණ කාලයක දී අල්ලා ගත් කිඹුලා ගැට ගසා මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට ඔවුන් කටයුතු කලේය.
කිලෝ දහසකට වැඩි බරකින් යුත් මෙම කිඹුලාගේ අත් පාද අඩි තුනකට පමණ වැඩී තිබු බව ප්රදේශවාසීන් සදහන් කලේය.
විශේෂයෙන්ම ගැට කිඹුලන් නිල්වලා ගගට ආවේණික සතෙකු වන නිසා ඌ යලි වෙනත් ප්රදේශයකින් එම ගගටම මුදා හරින බව වන ජීවී නිලධාරීන් පැවසීය.
ක්රිෂාන් ජීවක ජයරුක්




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

