අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් ගඟට පැන්න කාන්තාවක් බේරාගැනීමට බෝට්ටුකරුවකු හා තවත් තිදෙනෙකු කටයුතු කර තිබේ.
වලවේ ගඟේ පාලම මතින් ගඟට පැන්න කාන්තාව ගඟේ දිය මතුපිට මීටර් දෙසීයක් පමණ පිහිනා ගිය බව රැස්ව සිටි පිරිස් පවසති. එමෙන්ම එම ප්රදේශයේ කිඹුලන් ගහන ප්රදේශයක් බවත් ප්රදේශ වසින් පවසා සිටි.
කෙසේ නමුත් අදාල කාන්තාව ගඟට පනිනු දකිනු ලැබූ අයෙකු විසින් ඒ අසල ඇති කම්මලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ගේද සහය ඇතිව ඊට මීටර් 100ක පමණ දුරින් සිටි ඔරුවක් හිමි අයෙකු සමඟ ඔරුවකින් ගොස් අදාළ කාන්තාව බෙර ගෙන තිබේ.
එමෙන්ම අවස්ථාවේ ගඟ හරහා යාත්රා කළ ඔරුවකින් කාන්තාව සිටින ස්ථානයට පැමිණ ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගොඩබිමට රැගෙන ආ බව කාන්තාව බේරාගත් ගමගේ සේනක මහතා කියයි.
ඇය බේරා ගැනීමට ආධාරක කිහිපයක් ලබා දුන්නත් ඒවා සියල්ල ප්රතික්ෂේප කළ බව බෝට්ටුවේ සිටි අය පවසති.
කාන්තාව ගඟට පැන්නා ස්තානය කිඹුල්ලු ගහන ස්ථානයක් බව ප්රදේශවාසීහු පවසති. ගඟට පැන දිවි බේරුණු කාන්තාව අම්බලන්තොට පුහුල්යාය ප්රදේශයේ පදිංචිකාරිනියක් බවද ප්රදේශයේ ජනතාව කියා සිටි
කාන්තාව ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත. ගොඩට ගත් කාන්තාව අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර ඇත.



