කොළඹ කොටුවේ සිට ඇල්ල දක්වා දුම්රියක් ධාවනයට යොදවා ඒ හරහා එක් ගමන් වාරයකට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක ආදායහමක් ලැබෙන අයුරින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා නවතා දමා ඇති බවට චෝදනාවක් එල්ල වෙයි.
මාධ්‍ය වේදී චමුදිත සමරවික්‍රම මහතාගේ Chamuditha News Brief නාළිකාව දුම්රිය නගාසිටුවීම සඳහා වෘත්තීය සමිති කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා හා පැවැති සාකච්ඡාවක්දී මෙම කරුණු හෙළිවිය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් පෞද්ගලික සමාගමක් මගින් ලබාගෙන කොළඹ - ඇල්ල සංචාරක දුම්රියක් ධාවනය කිරීමට සැලසුම්කර තිබුණි. එළැඹෙන 14 දා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් එය මේ වන විට නවතා තිබේ.
Q ගමන් වාරයකට දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 50ක් දෙන ඇල්ල දක්වා දුම්රියක් ධාවනය කිරීමට හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ දුම්රිය බන්දුල ගුණවර්ධන මහතා නවතා තිබෙනවා?
A විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ යම් යම් මැදිහත්වීම් මත ඔය කියන දුම්රිය නවත්වා තිබෙනවා. අපි පැහැදිලිවම ඔය කියන ආයතනයට දුම්රිය දෙන්න පොරොන්දු වෙලා දෙපාර්තමේන්තු මට්ටමින් අපිට ඒක දෙන්න බැරිවුණා.
Q එක ගමනකට ලක්ෂ 50ක් ලැබෙනවානේ.
A ඔව්.
Q හරීන් ප්‍රනාන්දුගේ යෝජනාව?
A සංචාරක ඇමතිතුමා ඇවිල්ලා මාධ්‍යයට දැනුවත් කිරීමේ හමුවක් තිබුණා. මමත් ඒකට ගියා. කොළඹ සිට ඇල්ලට යන ලක්ෂරි දුම්රියක්. අපිත් කාලෙකින් දැකපු නැති දුම්රියක්. ඒක ප්‍රයිවට් කොම්පැණියක් කරන්නේ.
Q එක ගමනක් වෙනුවෙන් ලක්ෂ 50ක් ගෙවනවා.
A කිසිම දුම්රියකින් අපිට එහෙම ආදායමක් ලැබෙන්නේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා.
Q ලක්ෂ 50ක් දෙන එක බන්දුල ගුණවර්ධන නවත්වනවා? හරීන්ගේ කෝච්චිය බන්දුල නවත්වයි.
A මම ඇමතිතුමාගේ නම කියන්නේ නෑ. මේක ආපු ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවද? දෙපාර්තමේන්තුව කරපු වැරැද්දක්ද දන්නේ නෑ.
Q සල්ලිත් නැත්නම්, ලක්ෂ 50ක් ලැබෙනවනම් කොච්චර හොඳද?
A මමත් පුද්ගලිකවම ඇමතිතුමාටත් ලේකම් තුමාටත් දැන්නුවා මේක ලොකු අවශ්‍යතාවක් මේක අපි කළ යුතු දෙයක් කියලා.
Q කාටද ඕන මේ ලක්ෂ 50 නවත්වන්න? ඇමතිට වඩා කවුද උඩින් ඉන්නේ.
A දුම්රිය ආඥාපනත අනුව බලතල තියෙන්නේ ඇමතිතුමාට.
Q ඒ කියන්නේ ඇමතිතුමා මේක නවත්තලා තියෙන්නේ?
A මට ඒක පැහැදිලිව කියන්න බෑ.
Q කෝච්චියක් ඇල්ලට ගිහින් ආවොත් කොච්චර ආදායමක් ලැබෙනවද?
A අපිට තියෙන්නේ ඔඩිසි දුම්රිය තමයි. ලක්ෂ 30කට අඩු ගාණක් ලැබෙන්නේ ගිහින් ආපුවාම. සම්පූර්ණයෙන්ම ටිකට් ෆිල් වුණොත්.
Q දැන් මේක ටිකට් ෆිල් වුණත් නැතත් ලක්ෂ 50ක්? මේක ඉල්ලමක්නේ. මට කියන්න මේ අපරාධ කාරයා කවුද මේ ඉල්ලමට පහින් ගහන. සතියකට ගමන්වාර කියක්ද?
A ගමන්වාර දෙකයි.
Q සතියකට ගමන්වාර දෙකයි. මාසෙකට ගමන්වාර 8යි. මාසෙකට ලක්ෂ 400ක්. ලක්ෂ 400කට පයින් ගහන ආර්ථික ඝාතකයා කවුද?
A මේක තවදුරටත් අපි කථා නොකර ඉමු. කවුරු හරි මෙහෙම තීන්දුවක් ගන්නවානම් හේතුවක් ඇති. ඒ හේතුව පැහැදිලි කරනකම් මේ ගැන මොකුත් කියන්න බෑ.