රජයේ ආයතන 100ක් වහන්න යයි
රජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
මේ අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මාර්තු 31 වැනිදා සිට අවසන් කිරීමට නියමිත අතර එහි කටයුතු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කළමනාකරණ අධ්යක්ෂ ජනරාල්වරයාට පැවැරීමට නියමිතව තිබේ.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනෙකු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 36 දෙනෙකු නඩත්තු කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 5.8 ක් වැය කරයි.
කොමිෂන් සභාව පසුගිය මාසයේ කාර්ය මණ්ඩල වැටුප් සඳහා රුපියල් මිලියන 2.7 ක් සහ BMICH හි කුලිය සඳහා රුපියල් මිලියන 1.4 ක් වැය කර ඇති අතර එහි මුළු වියදම රුපියල් මිලියන 5.1 කි. මේ වසර සඳහා කොමිෂන් සභාවට රුපියල් මිලියන 71ක් වෙන් කර ඇත.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ කටයුතු මීට පෙර සිදු කරනු ලැබුවේ මුදල් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගිනි. කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අන්තර්ග්‍රහණය කළ යුතුය.
එසේම 2021 අගෝස්තු මාසයේදී එවකට ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද උපදේශක මණ්ඩලයද වසා දැමීමට නියමිතය. එම කටයුතු දැනටමත් අධිකරණ අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත. අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් වසා දැමීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිතය.
අවම වශයෙන් එවැනි ආයතන 17 ක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඒවා ඉක්මනින් වසා දමනු ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.
ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී අධික වියදම්, ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන ඇත.
සන්ඩේ ටයිම්ස්
popular news
-
මහ ජනයාගේ ලේ උරා බොන සුදු අලි රංචුව Monday, 06 March 2023 02:56 AM
සාමාන්‍ය ජනතාව එදිනෙදා ජීවිතය ගෙවාගන්න පොරකන මේ දිනයන්හි, මෙවැනි සුදු අලි රංචු නඩත්තු කිරීම කෙතරම් අපරාධයක්ද? ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට නොහැවන විට බොරු හේතුවක් පෙන්වා කල් මරන ක්‍රමය තමයි මේවැනි කොමිටු. ඔවුන්ගෙන් ගෙන් ලැබෙන වාරිතාව යමක් තිබුනේ නම්, ඒවා ක්‍රයාවට නැංවියයුතුය. වැඩ බැරි ටාසන්ලා කරන සෙල්ලම් වලින් රට තවත් බංකලොත් වන බව පාලකයෝ නොදන්නවා ද? මේ මහ දැනමුත්තලාව දැන්වත් අවසන් කරන් කර ගෙදර ඒවන්න!
Reply : 0 0
Sumudu Monday, 06 March 2023 07:36 AM
even if the institute will be terminated the government will have to bear the salaries since the staff will be relocated to other institutions.
Reply : 0 0
පැරකුම් Monday, 06 March 2023 09:22 AM
ඞාතිමිත්ර සංග්‍රහයට යොදාගත් මෙම ආයතන දැන්වත් වසා දැමීම කාලෝචිත පියවරකි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

