saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5078 hours ago

LATEST

සියයට 60කින් විදුලි බිල වැඩිවුණොත් ලබන වසරේ විදුලි කප්පාදුවක් නෑ

calendar_today 2022 දෙසැ 27 - 15:55 remove_red_eye - 677  

ලබන වසරේදී විදුලි බිල සියයට 60කින් වැඩි කළහොත් විදුලි කප්පාදුවකින් තොරව එම වර්ශය ඉදිරියට යාමට හැකියාව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

කිලිනොච්චිය පූනරීන් වේරවිල් ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක අටවන ලද මන්දකට හසුව සිටි දිවියෙකු බේරා ඊයේ (26) දින රක්ෂිතයට මුදාහල බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පැවසීය.

Read More

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

රටේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමග 43 සේනාංකය දේශපාලන සංධානයකට එක්වී සිටින බව සඳහන් කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේයැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්න යැයි විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට දැනුම් දෙයි.

Read More

පැය අටක විදුලි කප්පාදුවේ අවධානම තවමත් පහව ගහින් නෑ. පැය අටට වැඩි වෙන්නත් පුළුවන්. 2022 වසරේදී විදුලි කප්පාදුව ගියේ ගල් අඟුරු නැතිව නෙමෙයි. ඉන්ධන සපයා ගන්න බැරිවුණ නිසා තමයි ඒ විදුලි කප්පාදුව ගියේ.

Read More

(LONG READS)දුම්බීම සියයට 9.1 දුම්කොළ හැපීම සියයට 13.3 සහ මද්‍යසාර භාවිතයත් අඩු වෙලා

Read More

අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (27) ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසිය.

Read More

ජනවාරි 8 සිට චීනයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නිරෝධායනය කිරීමට අවශ්‍ය නොවන බව චීනය ඊයේ ප්‍රකාශ කළේය.

Read More

සංඥා බිඳ වැටීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව වාර්තා වෙයි. මරදානේ මෙම දුම්රිය සංඥා බිඳ වැටීම සිදුව තිබේ.

Read More

මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් පිරිසක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.මෝල්ටාව යූරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි.

Read More

USAID ආධාර යට‌ෙත් දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට ලබන ජනවාරියේ දී එක් ගොවි පවුලකට ඩොලර් 42ක (රු. 15,000) සහනාධාරයක් ලබා දෙයි.

Read More

රුසියාවේ තවත් ගුවන් සේවාවක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපොල වෙත මෙම ගුවන් සේවාවේ ගුවන් ගමන් එළැඹෙන 28 දා සිට ආරම්භ කිරිමට නියමිත බව රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

Read More

පැහැරගෙන විත් කිසියම් ස්ථානයක දී කපා කොටා වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කඩුවෙල වැලිපිල්ලාව බෝධිය අසල දමා ගොස් තිබියදී අද (26) අළුයම රෝහල් ගතකර ඇතැයි කඩුවෙල පොලිසිය කියයි

Read More

පුත්තලම නගරයෙ පිහිටි පාලවිය සමෘද්ධි බැංකු ශාඛාවට කඩා වැදි ඇති සොරුන් පිරිසක් එහි මුදල් හා වටිනා ලිපි ද්‍රව්‍ය තැම්පත් කර තිබූ විශාල සෙප්පුව රැගෙන යාමට උත්සහ කර ඇතත් එය නොහැකි වු තැන මාර්ගය අසල කානුවකට දමා ගොස් තිබියදී සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලීසිය (26දා) පැවසිය.

Read More

මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය හේතුවෙන්ම හනුවර දිස්ත්‍රික්කයේ නිවාස 97 කට හානි සිදුව පවුල් 322 කට අයත් පුද්ගලයන් හා 1630 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදාකළමනාකරණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.

Read More

හඩ කැවීම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහිවලින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

Read More

වීන විද්‍යා ඇකඩමියේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන තානාපති කාර්යාලය පවසන්නේ වායු දූෂණය සම්බන්ධයෙන් සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දෙපාර්ශ්වය අතර සහයොගීතාව වර්ධනය කිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එසේම පසුගිය වසර හතක කාලය තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් ශ්‍රී ලංකාාවේ ආචාර්ය උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 34කට පරිසරය

Read More

එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.

Read More

මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයින් හට බිත්තර ලබා දීම සඳහා අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීය.

Read More

සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

තම පවුල හැරගොස් වසර ගණනක් අනියම් සැමියකු සමග වාසය කළ වරදට මියගිය මවගේ මෘතදේහය භාරගැනීමට නොහැකි බව පවසමින් රෝහලෙන් පිටව ගිය දියණියක් සම්බන්ධයෙන් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.

Read More

එලවලු තෙල් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 5 දශම 1 කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී සිදු වූ අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ තෙල් ගලා ගොස් වාහන ධාවනයට තරමක බාධා ඇති විය.

Read More

යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා අද (26දා) ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට සේන්දු විය.

Read More

දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුල රුපියල් කෝටි දෙදහසකට වැඩි අලාභයක් ලබා ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.