www.ada.lk
2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා
ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් ඇඟුරු රැගත් නෞකා තුනක් ලබන වසරේ ජනවාරි මස 13 දා වන විට දිවයිනට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ලක්විජය බලාගාරයේ දැනට පවතින පද්ධති දෙක ජනවාරි 8 දා තෙක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ගල් අගුරු තිබෙනවා. ජනවාරි මාසයේදී පළමු නෞකාව 5 දා ලැබෙන්න නියමිතයි. 4 වැනිදා ලබා ගන්න උපරිම උත්සාහයක් ගන්නවා.
මේ නැව දෙසැම්බර 26 දා 27 දා භාර ගන්න තිබුණේ. මේ නැවේ මෙට්‍රික් ටොන් 60000ක් ඒනවා. ඒදාම ගල් අඟුරු ලබා ගන්නවා. ජනවාරි 9 දා දෙවැනි නෞකාවත් එනවා. ඊළග නෞකාව ජනවාරි 13 ඒනවා. ජනවාරි මාසයේදී ගල් අඟුරු නෞකා 7ක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ගල් අඟුරු වෙනුවෙන් සියයට 30ක ගෙවීම් මේ වන විට ගෙවා තිබෙනවා.”
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd