රටේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමග 43 සේනාංකය දේශපාලන සංධානයකට එක්වී සිටින බව සඳහන් කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ වනතුරු 43 වැනි සේනාංකය කිසිම දේශපාලන පක්ෂයක් හෝ පක්ෂ සමග සන්ධානගතව නොමැති නමුත් රටේ වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය සැළකිල්ලට ගත් කල ඉදිරිගාමීව කටයුතු කරන දේශපාලන බලවේග වලින් සැදි පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව ඇති බවද ඔහු පවසයි.
ඒ සඳහා විවෘතභාවයකින් යුතුව තම ප්‍රතිපත්ති සමග ගැලපෙන බලවේග සමග එක්ව කටයුතු කිරීම වෙනුවෙන් තම සංවිධානය සැමවිටම පෙනී සිටින බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසයි.