යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා අද (26දා) ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට සේන්දු විය.
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා මහතා පැවසුවේ ත්‍රිකුණාමල වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි.
පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමල සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුවේ එක්දින සංචාරයෙන් පසු තායිලන්තය බලා පිටත්විමට නියමිත බව නේවාසික කළමනාකාරවරයා කීය.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මේ තුලින් විශාල බලපෑමක් කල හැකි බව කී නේවාසික කලමනාකාරවරයා මෙම නැව ත්‍රිකුණාමල වරයාට සේන්දුවි නැවත පිටවි යැම දක්වා සිදුකල මෙහෙයුම් කටයුතු වලින් වරායට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබුණු බව පැවසීය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජිව
