උ.කොරියානු ඩ්‍රෝන යානා ද.කොරියාවට ඇතුළු වෙලා
උතුරු කොරියාවේ සැකකටයුතු ඩ්‍රෝන යානා අනවසරයෙන් දකුණු කොරියානු දේශසීමාව තරණය කර ඇති බව එරට හමුදාව උපුටා දක්වමින් යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (JCS) කියා සිටියේ උදෑසන ගියොන්ගි පළාතේ දේශසීමා ප්‍රදේශවල මිනිසුන් රහිත ගුවන් යානා යැයි අනුමාන කරන "හඳුනා නොගත් වස්තූන්" කිහිපයක් අනාවරණය කරගත් බවයි.
එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.
සැකකටයුතු උතුරු කොරියානු ඩ්‍රෝන යානා ඉවත් කිරීම සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර් සහ අනෙකුත් ප්‍රහාරක ගුවන් යානා දකුණු කොරියාව විසින් යවන ලද නමුත් ඒවා කිසියම් ආයුධයක් රැගෙන ගියේද යන්න JCS වෙත තහවුරු කර ගැනීමට නොහැකි විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
