පැහැරගෙන විත් කිසියම් ස්ථානයක දී කපා කොටා වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කඩුවෙල වැලිපිල්ලාව බෝධිය අසල දමා ගොස් තිබියදී අද (26) අළුයම රෝහල් ගතකර ඇතැයි කඩුවෙල පොලිසිය කියයි
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කඩවත මංකඩ පාර, ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිව තරංග මධුෂාන් ජානක නොහොත් අන්ජු නැමැති තිස් හැවිරිදි එක් දරු එක්දරු පියෙකි.
එම පුද්ගලයාගේ හිසට මන්නා පහරක් එල්ල කර ඇති අතර සහ වම් හක්ක ප්‍රදේශයට තබන ලද වෙඩි පහරක් දකුණු හක්ක ප්‍රදේශයෙන් පිට වී ගොස් ඇතැයි පොලිසිය කියයි.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් මෙම පුද්ගලයා පැහැරගෙන කිසියම් ස්ථානයක දී මෙලෙස කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බව බවට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියකු පැවැසීය
මල් කැඩීමට පැමිණි පුද්ගලයකු ලේ පෙරාගෙන වැටී සිටින පුද්ගලයකු දැක ඔහු අසලට ගිය අවස්ථාවේදී ඔහු අමතා තමන් කඩවත ප්‍රදේශයේ අයෙකු බවත් කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහර දී වෙඩි තැබූ බවට එම පුද්ගලයා කරන ලද ප්‍රකාශයක් අනුව මල් කැඩීමට පැමිණි පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථය ගෙන්වා රෝහල් කිරීමට පියවර ගෙන ඇත.
බරපතළ තුවාල ලද පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
මේ වන විට එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. වැඩිදුර විමර්ශන කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ