අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනපතිවරයාට ලැබී ඇති බලතල අනුව තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නියමයක් නිකුත් කර තිබේ.
ජනපතිවරයා වෙනුවෙන් ජනපති ලේකම් සමන් ඒකනායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම නියමය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව තැපැල් සේවාව සැපයීමෙහි නිරත වන ඕනැම රාජ්‍ය සංස්ථාවකින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙන් ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව හා එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුව හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියක් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන තැපැල් සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බව පත්කර තිබේ.