ආරක්ෂක අංශ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයෙහි ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැකි බවත්, කිසිදු අවස්ථාවක කල් ඉකුත් වූ රසායිනික ද්‍රව්‍ය උද්ඝෝෂණ වෙනුවෙන් භාවිතා කර නොමැති බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(14) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ආරක්ෂක අංශ සරසවි සිසුන්ට කල් ඉකුත් වූ කඳුව ගෑස් භාවිත කර පහර දුන්නේ යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
යම් අයකුට ආරක්ෂක අංශ ක්‍රියාකාරීත්වයට විරුද්ධ සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳ පොලිස් කොමිෂමට පැමිණිළි කර ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට හැකි බවත්, පොලිස් කොමිෂම අදාළ පාර්ශවය සම්බන්ධයෙන් අදාළ කටයුතු කරනු ඇති බවත් පැවසීය.