saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 462 hours ago

LATEST

ඉරානයෙන් හා ඊශ්‍රායෙලයෙන් ලංකාව කරන ඉල්ලීම

calendar_today 2025 ජුනි 13 - 18:49 remove_red_eye - 266  

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉරාන - ඊශ්‍රායල අතර යුධ උණුසුම වර්ධනය වීමත් සමග , ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වල වෙනසක් සිදු වෙමින් පවතින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස වෙත ද මෙම දැනුම්දීම් වලංගු වන බව තානාපති සඳහන් කරයි. ඊශ්‍රායලයේ සියලූ කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More

තායිලන්තයේ ෆුකෙට් සිට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගුවන් ගතව මද වේලාවකට පසුව යළිත ෆුකේට් ගුවන් තොටුපොළ වෙතටම ගොඩ බස්සවා තිබේ.

Read More

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට 13 දින රාත්‍රියෙ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මංඩල ඉහල නිළධාරීයකු කල විමසිමේදි පැවසිය.

Read More

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි බෝත්ල් 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී 06/13 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ’’හදවත’’ ඉලක්ක කරගනිමින් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක්ද ද මිය ගොස් ඇති බවට තහවුරු කර තිබේ.

Read More

පසුගිය 7 දා අළුයම සිය නිවසේදී කළුතර සේවකයකු කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙලිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පොසොන් වන්දනාවේ අනුරාධපුරේ පැමිණි බැතිමතුන් විනාශ කර දමා තිබු කළාවැව අවට පිරිසිදු කිරීම රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් 12 දින දවස පුරා පැවැත්විණි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 241ක් බවට ගුවන් සමාගම තහවුරු කරයි.එසේම මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබේ. මියගිය අයගේ පවුල් වෙනුවෙන් මිය ගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි ගෙවන බව එයා ඉන්දියා ගුවන් සේවය හිමි ටාටා සමාගම පවසයි.

Read More

බලන්ගොඩ රජවක විද්‍යාලයේ අද (12දා) සවස ගසක් කැඩා වැටීම් හේතුවෙන් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වූ බව බළන්ගොඩ පොලිසිය පැවසීය.

Read More

ජාතික ජන බලවේගයට මෙවර බලය හිමිවූ මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 46 දෙනාගේ සහභාගිත්වයෙන් එහි ප්‍රධාන සභා ශාලාවේදී පැවැත්විණි.

Read More

ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පළමු කණ්ඩායම අද(12දා) දිවයිනට පැමිණ තිබේ.

Read More

ඉන්දියාවේ අහමදාපාද් හී ගුවන් යානා අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව කඩුලු 5ට ලකුණු 121ක් රැස්කරගෙන සිටියේය. ඒ පළමු ඉණිමට ඔස්ට්‍රේලියානුවන් රැස්කළ ලකුණු 212ට පිලිතුරු ලෙසයි.

Read More

කණ්ඩලම වැව ඉස්මත්තේ වසර ගණනාවක් තිස්සේ සැරි සරමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියාගේ දකුණු අතට වෙඩි වැදී සති කිහිපයක් තිස්සේ ඇවිද ගැනීමට නොහැකිව වැව් තාවුල්ලේ රැඳී සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේද‍ි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩල‍යේ 242ක් ගමන් කර තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ.

Read More

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

Read More

මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Read More

අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට හිමිව තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දෙවන දිනය සඳහා වන තරගය අද(12දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මධ්‍යම අධීවේගි මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසේ අදාළ ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ගර්භිනි මවුවරුන්ට දරු ප්‍රසූතියට දින 02කට පෙර සිට ඉදිරි දින 07ක් ඇතුළත චිකුන්ගුන්යා රෝගී ලක්ෂණ මතුවුවහොත් උපදින ළදරුවාට එය වැළඳිය හැකි බවත් ඒ අනුව දරු ප්‍රසූතියෙන් පසු සතියක් පමණ මව හා ළදරුවා රෝහලේ තබා ගැනීමට උපදෙස් දී ඇති බවත් කොළඹ වෛද්‍ය පීඨයේ නාරි හා ප්‍රසව පිළිබද මහාචාර්‍ය ප්‍රබෝධන රණවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ​ඊයේ(11දා) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.