දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රවය ග්‍රෑම් 255 මිලිග්‍රෑම් 600 ක් සමඟ සැකකාරියක් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 24 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.