පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඊයේ 17රාත්‍රී වැලිමඩ බොරලන්ද කන්දේ පුහුල් ඔයේ සැඩ පහරට හසුව අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් ඇතැයි ද බිරිදගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර සැමියා අතුරුදන් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මෙසේ සැඩ පහරට හසුව ඇත්තේ බොරලන්ද පදිංචිව සිටි අඹුසැමි යුවළක් වන ලක්මාල් මධුසංක 37 නාලිකා ධනංජනී 32 යන නමැති අඹුසැමි යුවළකි.
පැවති අධික වර්ෂාව සමඟ බොරලන්ද කන්දේ පුහුල්පොල ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර තුර ඒ හරහා ගමන් කිරීමේ දී මොවුන් දෙදෙනා සැඩ පාරට හසුව ගසාගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.
අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනීම සඳහා මේ වන විට පොලීසිය යුධ හමුදාව, ගුවන් හමුදාව ඇතුළු සහන කණ්ඩායම් පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.