තැපෑලට රියදුරුන් 36 ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) පස්වරු 2.00 ට නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සදහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනූව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමුකර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීමට නියමිතය.
මෙම නවක තැපැල් රියදුරුමහතුන් හට හෙට (2025.11.18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතය.
මේවන විට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් රියදුරුමහතුන් 129 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනු ලබයි.
පසුගිය වර්ෂ කිහිපය තුළ එම දෙපාර්තුමේන්තුවේ කිසිදු තනතුරකට බදවා ගැනීම් සිදුකිරීමට පැවති රජයන් පියවර ගෙන නොමැති අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම දෙපාර්තුමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. එම විශේෂ වැඩපිළිවෙලට සමගාමීව මෙම පත්වීම් ලබා දීම සඳහා ද පියවර ගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

