වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව විමර්ශන නිලධාරීන් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ෙම් හේතුවෙන් ඇතැම් නාවික හමුදා නිලධාරීන්ගෙන් ප්රශ්න කළ යුතුව ඇති බවත්, එසේ ඝාතකයා සෙවීමේදී කවුරුන් හෝ හමුවුවහොත්, එයට ‘රණවිරු දඩයම’ යැයි චෝදනා නොකරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ නාවික හමුදාව විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳව ඊට චෝදනාවක් එල්ලවී තිබෙන බවයි. රටක් වශයෙන් කළයුත්තේ සමස්ථ නාවික හමුදාවම එම චෝදනාවට බිළිදීමද එසේත් නොමැතිනම් චෝදනාවට නිසි වරදකරුවන් වන අය හඳුනාගෙන ඳඩුවම් දීමද යන්න ප්රශ්ණ කෙරිනි.
ඉන්ද්රමූර්ති ජයසූරිය