දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
අනුරාධපුර පූජා නගරයේ ප්රධාන පූජනීය ස්ථානයක ප්රධාන කපු මහතෙකු නීති විරෝධීව ළඟ තබාගෙන සිටි විවිධ වර්ගයේ වන සතුන්ගේ දඩමස් තොගයක් , ඉබිබිත්තර , ඇත් දළවලින් සැකසූ අත් පළඳනාවක් සමග අද (18දා) අත්අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර , විහාර පාළුගම ප්රදේශයේ පදිංචි ප්රධාන කපු මහතෙකි.
රිටිගල වනජීවි කලාපයේ වනජීවි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර වනජීවී නිලධාරීන්ගේ ද සහාය ඇතිව විශේෂ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (18දා) දින එම කපු මහතාගේ නිවසේ සිදු කළ මෙම වැටලීම මගින් ශීතකරණයක තිබී මස් තොගයක් හා බැරලයක සඟවා තිබිය දී ඉබ්බන් සොයාගෙන ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සැකකාර කපුවාගේ නිවසේ තිබී කබල්ලා , ගෝන ,මී මින්නා, තලගොයි, ඉත්තෑ, වලිකුකුල් , මුව හා ඉබ්බන්ගේ මස් හා ඉබ්බන්ගේ බිත්තර දාහතරක් , බැරලයක දමා තිබූ කිරි ඉබ්බන් හය දෙනකු ඇතුළුව ඇත් දළ වලින් නිපදවන ලද පලදනාවක් සොයා ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මෙම කපු මහතාගේ නිවසේ සේප්පුවක මුදල් නෝට්ටු විශාල ප්රමාණයක්, රන් ආභරණ තොගයක්ද තිබුණි. වන ජීවි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතාගේ උපදෙස් මත අඩවි සහකාර බල ප්රදේශයේ සහකාර අධ්යක්ෂ චන්දරත්න මහතාගේ මෙහෙයවීමෙන්, රිටිගල අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ , පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ට්රෙවිස් පෙරේරා , අඩවි ආරක්ෂක නලින් ජයසූරිය , අඩවි සහකාර එස්.ආර්.එම්. අධිකාරි, අඩවි ආරක්ෂක එස් ඒ. වික්රමරත්න, අඩවි සහකාර විජේසිංහ, වනජීවී නියාමක සමන් සෙනවිරත්න, වනජීවී රියදුරු තුෂාර බණ්ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

