saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5074 hours ago

LATEST

අධි පීඩන ජල නලයක් පුපුරා පුද්ගලයෙක් මරුට

calendar_today 2023 ජන 27 - 10:59 remove_red_eye - 515  

අධි පීඩන ජල නලයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මාවනැල්ල, හෙම්මාතගම ප්‍ර දේශයේදී මාර්ගයක එළා තිබූ ජල නලයක් පුපුරා යාමෙන් තුවාල ලැබූ හෙම්මාතගම පදිංච 68 හැවැරිදි පුද්ගලයෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

මෙම වර්ෂයේදී ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් මිලදී ගත් වැඩිම ලංසුවේ හිමිකරුවා බවට පත්වීමට අදානි ස්පෝට්ලයින් පෞද්ගලික සමාගම සමත්ව ඇත.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කෙරේ. ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඉන්දීය ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමි වී ඇත.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමට අදාලව විරෝධතා ගොනුකිරීම සඳහා පෙබරවාරි 17දා දක්වා කාලයක් ලබා දීමට අභියාචනාධිකරණය විසින් අද (26දා) නියෝග කළේය.

Read More

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙබරවාරි මස 16දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26දා) සිතාසි නිකුත් කළේය .

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) වසරේ කණ්ඩායම් වල නායකත්වයන් හිමිකර ගැනීමට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, පාකිස්ථානයේ බාබර් අසාම් හා එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිවී ඇත.

Read More

මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව මුහුණුපොතේ අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළැයි සිදුවීමට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අද (26දා) ඇප මත මුදාහැරිණි.

Read More

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජපානය පවසයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

Read More

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත.

Read More

කිලෝවොට් 05ක සුර්යබල ඒකකයක් සහිත සුර්ය පැනල සෑම ආගමික සිද්ධස්ථානයකටම හා රාජ්‍ය ආයතනයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

Read More

දිනුම් අංක නොමැති ලොතරැයි ටිකට් පත් වල දිනුම් අංක ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිනුම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නියුතු කල්ලියක සාමාජිකයෙකු ව්‍යාජ ලොතරැයි ටිකට්පත්තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25දා) මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.

Read More

තලංගම ජපන් මිත්‍රත්ව පාලම අසල දියසරු උයන අධි ආරක්ෂක කලාපයේ දියවන්නා ඔයේ ඔරුවකින් හොර රහසේ මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

Read More

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වෙන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

Read More

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (28දා) සවස 2.30ට ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

Read More

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු ඊ‍යේ (25දා) සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Read More

මරදන්කඩවල - වාලච්චේන ඒ- 11 මාර්ගයේ හීනුක්කිරියාව පන්සල අසලදී ඊයේ (25 දා) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.

Read More

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි

Read More

රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇතැයිද එතුළින් රෝගීන්ගේ වටිනා ජීවිත මරු කටට වැටී ඇතැයිද චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රය කලු කොඩිවලින් සරසමින් ඊට විරෝධය පළකළේය.

Read More

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය.

Read More

වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.

Read More

දෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

ඊයේ (24දා) සිදුකළ විදුලි කප්පාදුවෙන් ගොගාවොට් පැය 1.86ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල ලෙස බව හැගවෙන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් අද (25දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.