saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4740 hours ago

LATEST

කැළණිවැලියේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

calendar_today 2022 ඔක් 10 - 07:39 remove_red_eye - 245  

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයේ දැනට සිදුකෙරෙමින් පවතින අලුත්වැඩියා කටයුතු දින දහයකට අඩු කාලයකින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි එහි කළමනාකාරීත්වය බලාපොරොත්තු වේ.

Read More

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

වත්මන් රජය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූයේ නම් මෙරට දී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා විදේශ ආධාර ලබා ගැනීමට හැකියාව තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය .

Read More

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය.

Read More

මහා පරිමාන මූල්‍ය වංචා චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛයාව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

Read More

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මොරටුව අඟුලානේ බාලවයස්කාර දැරියක් විවහපත් කරගැනිමට ජයට මගුල් කෑ තරැණයා සහ දැරිය මංගල නීතියානුකූල භාරකාරත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් (9දා)අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.

Read More

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන් හැක් කිරීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් හෙට සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

Read More

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය අද රාත්‍රී 11 දක්වා වලංගු වෙයි.

Read More

වප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී ඇති බැවින් සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට නියමිතය.

Read More

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර සීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8දා) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව තිබේ.

Read More

අම්පාර හා කල්මුණේ නගර කේන්‍ද්‍ර කරගනිමින් වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි ආයතන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු 2022.10.05 වන දින අත්අඩංගුවට ගත්බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.3ක ණය පහසුකමක් යුක්රේනයට ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව එම මුදල් අද දිනයේදී යුක්රේනයට ලැබෙන බව යුක්රේන ජනපතිවරයා සඳහන් කරයි.

Read More

ගාලුමුවදොර මුහුදේ දිය නෑමට ගිය ළමුන් සිව් දෙනෙකු අතරින් එක් ළමයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. ඊයේ සවස්කාලයේ සිදුවූ මෙම දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 පදිංචි අවුරුදු 15ක් ළමයෙකි.

Read More

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම සියයට 10කින් ඉහළ ගොස් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (07) තීරණය කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සඳහා පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

Read More

කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) පත්විය.

Read More

අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීමට නියමිත 2022.10.08 දින සිට 2022.10.13 දින දක්වා වන කාලසීමාව තුළ එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ඊයේ (06) හිමි විය.`

Read More

අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් හා වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දිනයේදි අනුරාධපුරයට යාමට හා ඉරිදා දින අනුරාධපුර සිට පැමිණීමට විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක්කර තිබේ.

Read More

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම ‌පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.

Read More

මධ්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

දේශීය විදේශීය සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් වන හපුතලේ ඉදල්ගස්හින්න තොටුපළ කදු ප්‍රදේශය අවදානම් කළාපයක් බැවින් එහි සංචාරය කිරීම හා රාත්‍රි කාලයේ කූඩාරම් ගැසීම සම්පුර්ණයෙන්ම තහනම් කළාපයක් බවට පත්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් සම්බණ්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.

Read More

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍ර දේශයේදී පියෙකු හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (7දා ) ජීවිතක්ෂයට පත්වූ බව තිරප්පනය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.