ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බුරු මුනා නැමැති අපරාධකරු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයා ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
බුරු මුනා නමැති පුද්ගලයා අපරාධයක් සම්බන්ධයෙන් නම් කර සිටින සැකකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලීසිය වෙත බාර කර සිටියදී සැකකරු පොලිස් අත් අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් එදින සහ පසුදිනයන් වල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය විය.
බුරු මූණා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් දින දෙකකට පමණ පසු ඩුබායි හි පදිංචි සිය සේවාදායකයෙක් දුරකථන ඇමතුමක් ලබාදී හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම් වලට සම්බන්ධ සැක කරන අයෙක් අධිකරණයට බාර භාර කරන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව පෙබරවාරි 26 වෙනි දින බුරු මුනා නැමැත්තා කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී හමු වූ බව නීතිඥවරයාගේන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එලෙස එම පුද්ගලයා හමුවූයේ තමන් වෙනස් අවශ්‍යතාවයක් සඳහා මෝටර් රථයේන් දඹුල්ලට නගරයට යන අතරවාරයේදී බව නීතිඥවරයා ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වී ඇත.
ඉකුත් මාර්තු මස 15 වැනි දින ඩුබායි රටේ වෙසෙන සිය සේවාදායකයා තමන්ට ඇමතුමක් ලබා දෙමින් 16 වෙනි දිනට බූරු මූණා අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා අධිකරණයට භාර කරන ලෙස ඉල්ලීමක් කළ බවද, තමන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළද එදින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොවීමෙන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඒවෙනුවෙන් කටයුතු නොකළ බව ද නීතිඥවරයා පවසා ඇත.
පසුදින 17 බුරු මූණා නමැති සිය සේවාදායකයා අවිස්සාවේල්ල අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවේ දී ඔහුව පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව ද නීතිඥවරයා ලබාදුන් ප්‍රකාශයක සදහන් වේ.
බූරු මූණා නැමැති අපරාධකරු පිළිබඳ නීතිඥවරයාට පැහැදිලි දැනුමක් තිබුණේ ද? යන්න හා සාපරාධි වරදක් සිදුකර ඇද්ද ? යන්න නීතිපති උපදෙස් පතන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
නීතිඥවරයා ප්‍රකාශ ලබාදීම සඳහා තවත් නීතිඥවරු හය දෙනකු සමඟ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත