අද දහවල් කතරගම පොලිස් වසමේ වැඩිහිටිකන්ද ප්ර දේශයේ පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුදගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුද යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. තුවාලකරු වයස අවුරුදු 46ක් වන වැඩිහිටි කන්ද ප්ර දේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව තොරතුරු වාර්තා නොවෙයි.