තලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 67 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් ඊයේ (02) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී තලෙයිමන්නාරම වැලිපර මුහුදු තීරයේදී පාවෙමින් තිබූ උරයක් පරික්ෂා කිරීමේදී එහි තිබූ පාර්සල් 4 ක අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ජාවාරම්කරුවන් රැගෙන එමින් සිටියදී නාවිකහමුදාව දැක ජාවාරම් කරුවන් විසින් මුහුදට දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පලකර සිටියි.
සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
