පිටිගල කරුවලතොට , පොරවගම ප්රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු අද (3) කිතුල් ගහේ සිටියදී මිය ගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල පොරගම පදිංචි රණසිංහ වීරක්කොඩි සිරිසුමන නමැති හැටතුන් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.
ප්රදේශවාසින් විසින් පිටිගල පොලිස් ස්ථානයට දැනුම්දිමෙන් අනතුරුව මෘත ශරීරය කිතුල් ගසෙන් බිමට බා ගත් බවද පොලීසිය කියයි.
කිතුල් ගහට නැග්ග අයට ගහ මුදුනේදී හදිසි අසනීප තත්ත්වයක් ඇතිවී මිය යන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඇල්පිටිය රෝහලට රැගෙන ගිය බවද පොලීසිය කියයි. පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.