වතුකරයට නව වෘත්තිය සමිතියක්
කදුරට ජනතා බලය නමින් වතුකරයට නව වෘත්තිය සමිතියක් පිහිටුවිමේ සමාරම්භක උත්සවය අද (05දා) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි සිදු කෙරිණ.
වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසුදුණු ගැටළු වලට විසදුම් ලබාදිම, වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදිම, වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය, වතුකරයේ අධ්‍යාපනය ඉහල දැමිම ඇතුළු කරුණු ගණනාවකට විසදුම් ලබාදිමේ අරමුණින් මෙම වෘත්තිය සමිතිය පිහිටුවා ගත් බව එම වෘත්තිය සමිතියේ සභාපති රාමන් සෙන්දුරන් මහතා කියා සිටියේය.
එම වෘත්තිය සමිතියේ සභාපති වශයෙන් රාමන් සෙන්දුරන් මහතා, උප සභාපති වශයෙන් එස්.සන්මුගප්රියා මහත්මිය, ලේකම් වශයෙන් ත්‍යාගරාජා ජයලලිතා මෙනවිය, උප ලේකම් වශයෙන් සින්නකරුපන් විමලනාදන් මහතා , භාණ්ඩාගාරික වශයෙන් ත්‍යාගරාජා සුදර්ශනි මෙනෙවියත් වෘත්තිය සමිතියේ නිලධාරින් මණ්ඩලය වෙයි.

popular news
-
Demuni de Silva Thursday, 06 April 2023 12:34 AM
It's a must ! CWC and LJEWU along with Employers' Federation threw out existed wages based on cost of living index, in 1992.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

