මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහළ බැස තිබුණද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පිටාර මට්මට අඩි 35 දක්වා වර්ධනයවි ඇති බවද එම නිලධාරියා පැවසිය.
මේ වන විට මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා ජල විදුලි බලාගාර වෙත උපරිම අයුරින් මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්
