ඉදිරියේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් මහනුවර නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳව ලද තොරතුරකට අනුව මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද හදිසි පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 15 ක් වටිනා පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගෙන තිබේ .
මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 54 දෙනෙකු යොදවාගෙන මෙම හදිසි පරීක්ෂාව සිදු කොට තිබේ .
මහනුවර නගරයේ හෝටල්, සුපිරි වෙළඳසැල්, තොග සහ සිල්ලර කඩ 106 ක් මෙම පරීක්ෂාවට ලක්ව තිබේ .
එහිදී එම කඩ අතුරෙන් කඩ 26 ක තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය, අවිධිමත් ලෙස ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය, කිලෝ 956 ක් සිය බාරයට ගෙන තිබේ .
ඉන් වෙළඳසැල් 09 කට අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර අනෙක් වෙළඳසැල් සඳහා දැඩි අවවාද කිරීම් සහ වෙළඳසැල් පිරිසුදු කර පෙන්වීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට පියවර ගෙන තිබේ .