බස්නාහිර, සබරගමුව, දකණ, ඌව, මධ්‍යම, වයඹ හා උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එසේම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද (07දා) දහවල් 12.13ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර හා වරදෙනියාව යන ප්‍රදේශට හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තව වැඩිදුරටත් දන්වා සිටියි.