රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙක් සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තර වරයෙක් සහ පෙදරේරුවෙක් බව පොලිසිය කියයි
සැකකරුවන් සමග කොල්ල කන භාණ්ඩ උණු කර තිබියදී ගෑම් 24 ක්,ජංගම දුරකථන තුනක්, උල් පිහියක්, මුදලින් රුපියල් 35,000, සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සහ පාවහන්,මෙන්ම නවාතැන්පොළේ දොර විවෘත කිරිමට යොදා ගත් ව්‍යාජ යතුර පොලිසිය මඟින් සොයාගෙන ඇත
ඉකුත් මාර්තු මස 17 වෙනි දින සම්බාහන සේවිකාව සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ම තෙවන මහලේ නවාතැන් පොලේ රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා පැමිණ දොර විවෘත කරගෙන එකවරම බලහත්කාරයෙන් ඇතුළු වී ඇයට උල් පිහියක් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ලිංගික අතවර කර ඇය පැළඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් 6 ලක්ෂ 50000 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා අත් බෑගයේ තිබූ රුපියල් 45000 ක මුදලක්ද කොල්ලකා පලාගොස් තිබිණි
කොල්ල කෑම සහ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය , ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහත්තුරු විසින් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට යොමු කිරීමෙන් අනතුරුව සීසීටීවී දර්ශන සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන සැලසුම් කරු වන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු ගල්කිස්ස රථගාල කදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි'