ලක්ෂ 12ක මාලු දැල් ලක්ෂ 7කට අලෙවිකර පොලීසයට හසුවෙයි
දික්ඕවිට ලෙල්ලම ආසන්නයේ තාවකාලික කුටියක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 12 ක් වටිනා මාළු දැල් 55 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.
සැකකරු මෙම මාලු දැල් තොගය රුපියල් ලක්ෂ 7 ට උස්වැටකෙයියාව ප්රදේශයේ පුද්ගලයකුට අලෙවි කර තිබියදී සොයා ගත් බවද පොලිසිය පවසයි.
ධිවරයින් හැමිල්ටන් ඇල ඔස්සේ පැමිණ ඔවුන්ගේ ධීවර අම්පන්න හා බෝට්ටු ඉහත තාවකාලික කුටියේ තබා තිබෙන බවත් එසේ තිබියදී සැකකරු එහි පැමිණ ඉහත මාලු දැල් තොගය සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
හැමිල්ටන් ඇල ආසන්න නවතා තබන ලද බෝට්ටු කිහිපයක ගෑස් සිලින්ඩර් ඇතුලු භාණ්ඩ රැසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය ඉහත සැකකරු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේ දී එම භාණ්ඩ සමග මෙම මා`ථ දැල් තොගය සොරා ගැනීමේ සිද්ධිය ද අනාවරණ වු බව පොලිසිය පවසයි.
සැකකරුගේ ප්රකාශ අනුව එම මා`ථ දැල් තොගය වෙනත් පුද්ගලයකුට අලෙවි කර තිබියදී සොයාගෙන ඇත.
ඉන්දිකා රාමනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

