මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන වාහන දීමනාව ට හිමිකම් කියන මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා පිටතට යාමේදී ඔවුන්ගේ වාහන භාවිතා කළ යුතුව තිබුණත් රාජකාරියට පැමිණීමෙන් පසු ඔවුන්ගේ වාහන ප්‍රවේශමට තබා සංචිත වාහන භාවිතා කරන බවට පහළ නිලධාරීහු චෝදනා කරති .
එවැනි මාණ්ඩලික නිලධාරියකු වාහන දීමනාව වශයෙන් මසකට රුපියල් 60,000 ත් 70,000 කටත් අධික මුදලකට හිමිකම් කියන අතර එහිදී ඔවුන්ගේ සියලු රාජකාරි කටයුතු සඳහා ඔවුන්ගේ පෞද්ගලික වාහනය භාවිතා කළ යුතුව ඇත.
එහෙත් ඇතැම් මාණ්ඩලික නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික වාහනය භාවිතා කරනු ලබන්නේ නිවසේ සිට කාර්යාලට පැමිණීමටත් නැවත් කාර්යාලයේ සිට නිවසට යාමටත් පමණක් බවත් එම පහළ නිලධාරීහු චෝදනා කරති.
කන්න රැස්වීම් වැනි පොදු වැඩ සටහන් වලට පහළ නිලධාරීන් සඳහා වාහන යොදවන විට මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ද එම වාහනවල නැගී ගමන් කිරීම තුළින් එම පහළ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්වන බවට ද චෝදනා නැගෙයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ පොදු වැඩසටහන් වලට යාම සඳහා වාහන යොදවන අවස්ථාවල වාහන හිමිකම් කියන නිලධාරීන්ද ඒවායේ ගමන් ගන්නා බවත් එසේ නොමැතිව එවැනි නිලධාරීන් සංචිත වාහන භාවිතා නොකරන බවත්ය.
ෂේන් සෙනෙවිරත්න