අයි.එම්.එෆ්. වාරිකය ලැබුණාම බඩු මිල අඩුවෙනවා
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට පළමු ණය වාරිකය කඩනමින් ලැබෙන බවත්, එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම අඩුවිම තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සිඝ්‍රයෙන් පහළ බසින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
නාවලපිටිය නගර සභාවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා ඊයේ (11) දින නාවලපිටිය නගර සභා සිමාවේ පැවති ජන හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවැසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් සහ පොදු ජන පෙරමුණෙන් අපෙක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවයි.
එම අපෙක්ෂකයන් මාර්තු මස (10) දින නාවලපිටිය නගර සභාවේ පාලන බලය අතට ගන්නා බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
වසර ගණනාවකින් විදුලි බිල වැඩි නොකල නිසා විදුලි නිෂ්පාදනය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විදුලි බිල වැඩි කල බවත්, මේ වන විට දිවයින පුරා ඉන්ධන , ගෑස් අවශ්‍ය තරම් පාරිභෝගිකයන්ට ලබා දිමට රජය විසින් පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයෙන් රජයක් වෙනස් කල නොහැකි බවත්, තවත් වසර 2 ½ යන තුරු වත්මන් රජය පාලන බලයේ සිටින බවත්, එම කාලය තුල වත්මන් රජය ජනතාවට පොරොන්දු වු දේ ඉටු කරන බවයි.
මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල පහල වැටි ඇති බවත්, මේ වසරේ අප්‍රේල මස වන විට රටේ ජනතාවගේ ජිවන වියදම පහල යන බවයි.
popular news
-
janahitha Monday, 13 February 2023 03:27 AM
varika arana horakapu aya thavathavath varika gana sihina mavanava malla purava ganna
Reply : 0 0
Bandu Abey Tuesday, 14 February 2023 03:58 AM
So sad, that politicians and some henchmen in finances try to interpret getting another LOAN will solve countries problems. We need a Parakramabahu to lead the country, who would rely on the determination and effort of the citizens to solve the problems, not begging with the poorest, cruelest and craftiest doners and getting into worse troubles with the pound of flesh. Find somebody who advises self reliance. Otherwise people will have to face bigger stock pile of problems and unmanageable foreign loans causing hunger, sickness and desperation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

