සොපී, ෂීවර් ඒංගලන්තයට ජය ගෙනෙති
සොපී ඩිවයින්ගේ දක්ෂ පන්දු යැවීමත්, නැට් ෂීවර්ගේ දක්ෂ පිතිකරණයත් හමුවේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් බ.ඉ.කොදෙව්වන් පරදා කඩුළු 7 ක ජයක් වාර්තා කිරිමට ඒංගලන්තය සමත්විය. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ.ඉ.කොදෙව් ක්රීඩිකාවෝ සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුනු 135 ක් රැස් කළහ. නායිකා හේලි මැතිව්ස් ලකුණු 42 ක් ද ෂෙමයිනි කැම්බල් ලකුණු 34 ක්ද බැගින් රැස් කළහ. පන්දු යැවීමෙන් ඒංගලන්තය වෙනුවෙන් සොපී ඒක්ලෙස්ටෝන් කඩුළු 3 ක් දවාලීය.
ලකුණූ 136 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 14.3 කදී කඩුළු 3 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියහ. නැට් ෂීවර් පන්දු 30 කදී වේගවත් ලකුණු 40 ක්ද නායිකා හීදර් නයිටි ලකුනු 32 ක්ද බැගින් රැස් කළහ. තරගයේ වීරවරිය සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ නැට් ෂීවර් විසින් දිනා ගත්තාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

