බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2025 ජුනි මාසයේ දී ද අවධමනය අඛණ්ඩව ලිහිල් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින්, 2025 මැයි මාසයේ දී වාර්තා වූ සියයට 0.7ක මතුපිට අවධමනයට සාපේක්ෂව 2025 ජුනි මාසයේ දී සියයට 0.6ක සුළු ප්‍රමාණයකින් අඩු වූ අවධමනයක් පෙන්නුම් කළේය.
Read Moreකහවත්ත, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති තිබේ. මෙම වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreසභානායක කාර්යාලයට වෙන්කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථ 02ක් රු.82,920,238කට අලෙවි කිරීමට කටයුතු කළ බව සභානායක කාර්යාල සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජනවාරි 01 වන දින සිට සිට මැයි මස 31 වනදා දක්වා ගෙවිගිය මාස 05 ක කාලය තුලදි පැමිණිලි දෙදහස් එකසිය තිස් අටක් ( 2,138ක්) ලැබී ඇති බව අල්ලස් කොමිෂම සදහන් කරයි
Read Moreහිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
Read Moreඉන්ධන මිල සූත්‍රය අනුව අද (30දා) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
Read Moreරුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී මාස හයක සිරදඬුවමක් නියම වු ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට එරෙහිව රුපියල් කෝටි 103ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා තවත් බදු නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවරීය.
Read Moreබෝරා උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ බම්බලපිටිය ප්‍රදේශයේ සැරිසරමින් ජංගම දුරකථනයකින් ඒ අවට ප්‍රදේශය වීඩියෝ ගත කළේ යැයි කියන පස්රූල් රහ්මාන් මොහොමඩ් හෙවත් ”පොඩි සහරාන්” නමැත්තා මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
Read Moreරන් අලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී සොයා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ගොනු කළ ඇප ඇයැදුම්පත ජූලි 14 වැනිදා විමසා බැලීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (30) තීරණය කළේය.
Read Moreදකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreමෙම වසරේ ජූනි 13 වැනිදා සිට අද (30දා) දක්වා රු.296 සිට රු.301 දක්වා රු.5කින් රුපියල අවප්‍රමාණය වී ඇති බවත් එය රු.බිලියන 250ක් ලෙස වැය බරට එකතු වී ඇති බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
Read Moreපාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී රාජකාරි පැහැර හැරි බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහි නඩුව යළි ජූලි 28 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30දා) නියම කළේය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් කළ බවට හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ආයෝජන ප්‍රවර්ධන මණඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අල්ලක් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට අද (30)
Read Moreරතු ලෙස වර්ගීකරණය කරණ ලද බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් ස්කෑන් කරලා නෑ. මේ කන්ටේන්ර්ස් නිදහස් කරන්න ඕනී කියලා ජනවාරි 18 තීරණය කරන්නේ. ඒත් 2025 ජනවාරි 17 වැනිදා ඒ ලැයිස්තුවේ තිබුණු කන්ටේනර් 2ක් භෞතික පරික්ෂාවකින් තොවර එළියට ගිහින්.
Read Moreමාලිමාව ජයග්‍රහණය කල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයේ කණ්ඩායම විසින් අද ලබා ගත්තේය.
Read Moreකාත්තන්කුඩි නගරයෙ රට ඉදි අස්වැන්න නෙළිම 29 දින ආරම්භ කිරීමට කාත්තන්කුඩි නගර සභාව කටයුතු කෙරුණි .
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලොන්නරුව කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යකෂ (රාජකාරී ඉටු කිරීම) ලෙස සහකාර පොලිස් අධිකාරී කේ. වුට්ලර් මහතා පත්කර තිබේ.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහවිලච්චිය පොලිස් වසමේ 365 මන්නාරම් හන්දිය ග්‍රාම නිලධාරී වසමේ, අංක 321, යාය 5, මන්නාරම් හන්දිය, පේමඩුව ලිපිනයේ පදිංචිව සිටි, විල්පත්තු බලකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ඩී.එම්. අනුර කුමාර දිසානායක නැමැති, 47 හැවිරිදි සිවිල් ආරක්ෂක නියාමකවරයෙකි.
Read Moreඋඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල පසුගිය සති කිහිපයට වඩා පහත වැටී ඇතැයි එම ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙදුන් පවසති.
Read Moreකතරගම වන්දනාවේ ගොස් එම වන්දනා නඩය ආරයම්පතිහි බස්සවා ආපසු පැමිණි බස් රථයක් කිරාන්කුලම් හිදී අනතුරකට ලක්ව තිබේ.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළක්විමට වත්මන් ජනාධිපතිට බලපෑම් කරන ලෙස මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ට ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත එකක් බව මල්වතු මහා විහාරයේ උප ලේඛකාධිකාරි මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිති.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් හා පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාද තිබේ.
Read Moreවිදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (30දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 5ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
Read Moreරුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 06/30 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ ප්‍රදේශක කිහිපයකින් සොරකම්කරන ලද ගවයින් මස්කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු සහ ඊට අනුබල දුන් බවට සැකකරන කාන්තාවක් සහ පිරිමියෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය කියයි.
Read Moreකුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ ප්‍රදේශයේ පනස් එක් හැවිරිදි විවාහකයෙක් අවරුදු පහක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය 30දා පැවසීය.
Read Moreවිශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (30දා) පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහ තුල අවසන් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.
Read More