ජාත්‍යන්තර සංචාරකයන් 2,300 ක පිරිසක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් ඊයේ කොළඹ වරායට පැමිණියේය. පසුගිය සතියේ ස්වාභාවික ව්‍යසනයෙන් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. ශ්‍රි ලංකාවේ සංචාරය කිරීම ආරක්ෂිත, විවෘත බව මේ හරහා පණිවිඩයක් ලබා දෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
නෞකාවේ සිටි මගීන් 2,300 දෙනාගෙන් 1,600 කට අධික සංචාරකයින් ප්‍රමාණයක් දිවයින පුරා එක්දින සහ අර්ධ
දින විනෝද චාරිකා සඳහා පිටත්ව ගියහ. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරන මේන් ෂිෆ් නෞකාව
කොළඹින් පිටත්විමෙන් පසුව හම්බන්තොට වරාය දක්වා ගමන් කිරීමට නියමිතය.