වැලිමඩ මස්පැන්න අතර ධාවනය වන මගී බස් රථ හතරක් රොන් මඩ සහිත පස්වලින් වැසී දැඩි හානි වී තිබියදී අද 02 හමුවූ බව ආපදා මුදවා ගැනීමේ නිලධාරීහු පැවසූහ.
මෙසේ පස් මඩ සහිත පස්වලට යටවී හානි වී ඇත්තේ වැලිමඩ මස්පැන්න අතර ධාවනය වූ වැලිමඩ ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ තවත් පෞද්ගලික බස් රථ තුනක් බවද ආපදා නිලධාරීහු පැවසූහ.
මේ අතර ඇටැම්පිටිය වැලිමඩ, ඇටැම්පිටිය බණ්ඩාරවල, බදුල්ල ස්පීන් වැලි, මඩොල්සිම මැටිගහතැන්න, පස්සර නමුනුකුල, ගලඋඩ වාසනාගම, පස්සර ලුණුගල, යන මාර්ග පස් කඳු කඩා වැටීම් ගල් පෙරළීම් හෝ මාර්ගයේ කොටසක් කැඩී යාමෙන් හෝ තවදුරටත් වැසී පවතින බවත් එම මාර්ග විවෘත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.


