පේදුරුතුඩුව ට්රැෆික් OIC අත්අඩංගුවට
අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදියක් ධාවනය කර අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි.
මෙම අනතුරින් පොලිස් නිලධාරියා තුවාල ලබා යාපනයේ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
පේදුරුතුඩුව පොලිසියේ රථවාන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා. ඊයේ (5) සවස පේදුරුතුඩුව මන්තිගේ හන්දිය අසල රථවාහන රාජකාරිය යෙදී සිටියදී පොලිස් අණ නොතකා පලා යමින් තිබූ යතුරුපැදියක් පසුපස හඹායාමේදී එම යතුරුපැදිය මාර්ගය ධාවනය වෙමින් තිබූ තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය විමර්ශනයක් පවත්වා අපරීක්ෂාකාරී ලෙස හා නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමේ වරදට පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා පොලිස් ආරක්ෂාව යටතේ යාපනයේ රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබමින් පසුවේ. නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
