උල්හිටිය ජලාශය ආශ්රිත ප්රදේශයට මේ වන විට දැඩි වර්ෂාපතනයක් පතිත වන බැවින් ජලාශයේ වාන් දොරටු අද 06 දින පෙරවරු 8.30 සිට විවෘත කිරීමට පියවර ගත් බැවින් සහ මේ වන විට තප්පරේට ඝණ මීටර් 120ක සීඝ්රතාවයකින් ජලය පිටවන බැවින් පහළ රත්කිඳ ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ ගමනාගමනයට ද බාධාවන බව මාපාකඩ කාර්යභාර වාරි මාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මේ ආශ්රිත ප්රදේශයට මිලිමීටර සීයකට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත් මහවැලි සී කලාපයට ජලය නිකුත් කිරීම දැන් අත්හිටුවා ඇති බැවිණුත් මෙම පියවර ගත් බව වාරිමාර්ගය ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
වර්ෂාව නිසා අතිරේක වෙනස්කම් තවදුරටත් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බවද වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ගිරාදුරු කෝට්ටේ නගරය දක්වා ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.