පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථය අනතුරක
පොලිස් අණ නොතකා ධාවනය කරන ලද තරුණයෙක් සහ තරුණියක් ගමන්ගත් මෝටර් රථයක් අද (6)දහවල් ගාලු පාරේ අහුන්ගල්ල ගල්බොක්ක ප්රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලී ගිය බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අනතුරින් එහි ගමන් ගත් තරුණියට සුලු තුවාල සිදුවී ඇති බවත් එය ධාවනය කළ රියදුරු තරුණයාට තුවල සිදුවී නැති බවත් පොලීසිය කියයි.
කොළඹ අන්තයේ සිට ගාල්ල දෙසට ධාවනයවූ මෝටර් රථයට කොස්ගොඩදී පොලිස් මෝටර් රථයේ සිටි නිලධාරීන් නවත්වන ලෙස සංඥා කළත් එය නොතකා ධාවනය කර ඇති බවත් රථය පසුපස පොලිසිය මෝටර් රථය ලුහුබැද ඇති බවත් පොලීසිය කියයි.
රථය ලුහුබඳිමින් සිටියදී ර් රථයේ රියදුරු තරුණයා පොලීසිය නොමග යවමින් අතුරු මාර්ගයකට දමා සිය මෝටර් රථය සගවා සිටි බවත් පසුව ඔහු නැවතත් ගාලු පාරට පැමිණ යමින් සිටියදී පොලිස් මොටර් රථයට මුහුණට මුහුණ හමුව තිබෙන බවත් එහිදීද පොලිස් මෝටර් රථයේ පොලිස් නිලධාරීන් මෝටර් රථය නතර කරන ලෙස අණ දී ඇති බවත් එම අණ ද නොතකා ධාවනය කරමින් සිටියදී මෝටර් රථය පාරෙන් ඉවතට පැන අනතුරට ලක්වූ බවත් පොලීසිය කියයි.
මෝටර් රථයෙන් පැමිණි තරුණයා හික්කඩුව ප්රදේශයේ බවත් තරුණිය බෙන්තර ප්රදේශයේ බවත් පොලීසිය කියයි. අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
