දිත්වා සුළි කුණාටුවෙන් පසු බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඩයලොග් සමාගම විසින් රුපියල් මිලියන 420 ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (05) අත්සන් කෙරිණි.
හලාවත දිස්ත්‍රික් මහ රෝහල, කොත්මලේ ප්‍රාදේශීය රෝහල, මඩුල්කැලේ ප්‍රාදේශීය රෝහල සහ පුත්තලම මූලික රෝහලේ පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පාසල් 20 කට වැඩි ගණනක පරිගණක විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කිරීම මෙමගින් සිදුකිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩයලොග් ආයතනය නියෝජනය කරමින් පිරිසක් සහභාගී වූහ.
