වරායට ගොඩ බාන මිලට ඉන්ධන විකුණන්න බෑ
රජය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කරන බවත්, තෙල්, සුළං හෝ සෝලා විදුලි මාෆියාවකට යටත්ව කටයුතු නොකරන බවත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවද, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් බලශක්ති අමාත්‍යවරයා, 2024 වසරේ විදුලි ඒකකයක සාමාන්‍ය මිල රු. 37.00 ක් වූ බවත්, මේ වන විට එය රු. 29.00 දක්වා අඩු කිරීමට සමත්වී ඇති බවත්, ඉදිරියේදී මේ මිල රු. 25.00 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව, 2024 වන විට තිබූ මිලෙන් 32% ක අඩු මිලකට විදුලිය ලබා දීමට හැකිවනු ඇති බවත් පැවසීය.
එමෙන්ම, පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබුණත්, රටේ තිබුණු ව්‍යසනකාරී තත්වය නිසා මිල වැඩි වීමක් නොකළ බවත්, විපක්ෂ නායකතුමා අදහස් කරන පරිදි වරායට ගොඩබාන මිලට ඉන්ධන විකිණිය නොහැකි බවත්, ඉන්ධනහල් දක්වා විශාල බෙදා හැරීමේ වියදමක් ඇති අතර එය සැලකිල්ලට ගෙන එහෙත් ජනතාවට සහන වශයෙන් අවම ලාභයක් පමණක් තබාගෙන ඉන්ධන අලෙවිය සිදු කරන බවත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
