saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4502 hours ago

LATEST

විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද සවසට

calendar_today 2022 දෙසැ 02 - 11:18 remove_red_eye - 224  

2021 උසස්පෙළ විභාගයට අදාළව සඳහා වන කඩඉම් ලකුණු අද (2දා) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පාද සතර කපා හා දත් ගලවාගෙන ගොස් තිබියදී හමු වු කඳුකර කොටි මළසිරුර සම්බන්ධයෙන් වි‌ශේෂ හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි නල්ලතන්නිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.

Read More

මෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී (03) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.

Read More

මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහල් සත්ත්ව ආහාර සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම සහල් තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති සැපයීමට එරෙහිව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් නේටෝවට අනතුරු ඇඟවීය.

Read More

මීට වසර 8 කට පෙර බ්‍රසීලයේදී පැවති ලෝක කුසලාන අවසන්මහා තරගයේදී ජර්මනිය ශූරයින් ලෙස කිරුළු පැළඳියේ එදා මෙදාතුර ලෝක කුසලානයේ බ්‍රසීලයට පමණක් දෙවැනි සාර්ථකත්වයක් අතකර ගත් කණ්ඩායම බවට පත්වෙමිනි.

Read More

මෙවර තරගාවලියේ ප්‍රභලම කණ්ඩායමක් ලෙසින් කරලියට පැමිණි ස්පාඤ්ඤය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්කර තරගාවලියේ තමන් ලැබූ‌ දෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණය වාර්තා කිරීමට ජපානය සමත්විය. මෙම තරගය ‍‍කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග , විනය කඩ කිරීමේ ‌චෝදනා ඔප්පුවිම මත දඩුවම් නියම කිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර‌ගෙන ඇත.

Read More

විදේශ රටවලින් ටින්මාළු ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් කමිටුවේ අවධානයට යොමු කළහ. බලපත්‍රයක් නොමැති කිසිවකුට ටින්මාළු ආනයනය කිරීමට අවසර නොමැති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

Read More

“මගේ කිසිම ගැටුමක් නෑත මෙතන තියෙන්නේ මත ගැටුවක් වගේ එකක්. ඇමතිතුමා කියලා තියෙනවා මම පරණ යාලුවෙක් කියලා. ඒ යාලුකම තියෙනවා. මම ඇමතිතුමාට ගරු කරන්නේ නෑ. මම ගරු කරන්නේ පනතට. ඇමතිතුමා කියන කථා වැදගත් නෑ. මමත් මට ඕන දේ කියනවා. දිනය අවසානයේ හරි දේ සිදුවිය යුතුයි කියා මම හිතනවා. ”

Read More

සමාජ මාධ්‍ය අවභාවිත සිද්ධින් 12000 ක්මේ වසරේ මුල් මාස දහය ඇතුළත ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයට එක්වෙමිනි.

Read More

ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේදී ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත්ම විශ්වාසදායක පුද්ගලයා බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද අභිභවමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියට පැමිණ තිබේ.

Read More

2022 වසරේදී මේ දක්වා සංචාරක ක්ෂේත්‍ර යෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1022ක් බවට පත්ව තිබේ. ඒ ඔක්තෝබර් මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 75.6ක ආදායමක් උපයා ගැනීමත් සමගිනි.

Read More

ළමයි උසාවි ගියා.අවුරුදු දෙකක් කල් ගියා. ඒ අවුරුද දෙක ඇතුලේ සයිටම් එක විශාල අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක කඩා වැටුණා. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුනනේ සයිටම් එක නීත්‍යානුකූලයි. උපාධිය නීත්‍යානුකූලයි කියලා. දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඕන කෙනෙකුට අද පුළුවන් සයිටම් එක පටන් ගන්න. තමුන්නාන්සේලා සූදානම් අපි සයිටම් එක පටන් ගමු

Read More

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ නායකත්වයේ සිව් වසර තුළ වන විනාශය පෙර වසර හතරට වඩා 60%කින් ඉහළ ගොස් ඇති අතර, මෙවර මැතිවරණය ඔහු පරාජයට පත්වීමට එම වන සංහාරයද හේතුවක් වී ඇති බව විචාරකයෝ පවසති..

Read More

15 හැවිරිදි සිසුවෙකු පදිංචිව සිටින නිවෙසට ගොස් ඔහුට ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන කරන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.

Read More

ආදායම් බදු ආපසු ගෙවීමේ මෘදුකාංගය අක්‍රීය වී තිබෙන බවත්, මෙය හිතාමතා කළ දෙයක්ද, එසේ නැතිනම් තදබදය හේතුවෙන් සිදුවූවක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.

Read More

සීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යලි ඉහල නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.

Read More

වඩාත් වැදගත්ම කරුණ වන්නේ අවුරුදු 18-29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සියයට 22ක ප්‍රතිශතයකි.

Read More

අයහපත් කාලගුණය එය පිහිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදා ගැනීමේ ප්‍රයත්නය අවුල් කරන බව ගලවා ගැනීමේ සේවකයන් පවසයි.

Read More

මියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති බවත්, බගවන්තලාව පොලිසිය පවසයි.

Read More

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජිවිතකෂයට පත්ව තිබේ.

Read More

නිදහස් අධ්‍යාපනය නම් බාහිර කළත් නිදහස් අභ්‍යන්තර කළත් නිදහස්. අපිට තිබෙන්නේ බාහිර උපාධිවලට බදු අයකරන්න. ඒ අය ව්‍යාපාරයක් කරනවනම් අපි බද්ධක් අය කරන්න ඕන. වැට් එක හරි දාන්න ඕන. කවුද මේ පංති පවත්වන්නේ. මේ පංති පවත්වන සමහර අය විශ්වවිද්‍යාවල ඉන්න අය. මෙතන යනවා පුද්ගලික ක්‍රමවේදයක්. අපිට කරනවා මේක කරන්න එපා කියලා. අපි මේක නැවැත්විය යුතුයි. මේකට ලෑස්තිනම් අපි සාකච්ඡා කරමු

Read More

විදුලි බිල වැඩි කිරීම වහාම නතර කර අයවැයෙන් වැඩි වශයෙන් වෙන් කර තිබෙන ප්‍රතිපදන රටේ ලක්ෂ 43ක් වන දරැ පරපුරට සහ මව් පරපුරට වෙන් කරන ලෙස යෝජනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

සෑම පුද්ගලයෙකුටම සමෘද්ධිය ලබාදීම සඳහා මුදල් නොමැති නමුත් සමෘද්ධිය ලැබීමට නුසුදුසුකම් ඇති අය ඉවත් කළ හොත් සුදුසුකම් ඇති අයට ලබාදිය හැකි බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

’’අද මේ හැමෝම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? විදුහල්පති වැටුප් විශමතාව, ගුරුවරුන්ගේ වැටුප් විශමතාව, දීමනා පිළිබඳව, හැබැයි මේ ඒක්කෙනෙක්වත් කථා කළේ නෑනේ මේ දරුවන්ට පංතියේ හරියට උගන්වනවද කියලා. දැන් හයදාස් ගණනක් ඔ්ලෙවල් වල වැඩ සියල්ලම අසමත්. කවුද මේවට වග කියන්නේ. වග කියන්න කෙනෙක් නෑ. අවුරුදු 11ක් පාසලේ ඉගෙන ගෙන වැඩ සියල්ලම අසමත් වුණාම වග කියන්න කෙනෙක් නෑ. මේ ඔක්කොම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් තමන්ගේ මතයම

Read More

තමන් අමාත්‍යවරයෙක් ලෙස පළමු වරට පත්වූයේ 2000 වසරේදී බවත් අද පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් අය ඒ වන විට සිය පාසල් ගමන හෝ නිමාකර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.