සීයාගේ නිවසට ආපු නොදරුවා ජල රකුසාට බිලි
අලුත් අවුරුද්දට සීයාගේ නිවසට නිවැසියන් සමග ඊයේ (15) පැමිණ සිටියදී අතුරුදහන්වූ අවුරුදු දෙක හමාරේ පිරිමි දරුවාගේ මළ සිරුර දරුවාගේ සීයාගේ නිවස පිහිටි නෙළුව පොලිස් වසමේ පාමංකඩ, නෙළුව ගම හරහා ගලාබසින රංකැටි ඇලේ පාවෙමින් තිබියදී අද (16)සොයාගත් බව නෙළුව පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචි කැකුලකන්ද ලියනගේ නිවේන් දෙව්මිණ නමැති අවුරුදු දෙහ හමාරක් වයසැති දරුවාගේය.
එම නිවසේ සිට කිලෝමීටර් 2ක පමණ දුරක තිබී මේ දරුවාගේ මළ පදේශවාසින් විසින් සොයාගෙන ඇත. මෘතදේහය මේ වන විට වැඩිදුර පරීක්ෂණ සදහා නෙළුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මේ දරුවා සිය මව හා පියා සමග පාමංකඩ, නෙළුව යන ලිපිනයේ පිහිටි මවගේ පියාගේ ( සීයාගේ ) නිවසට 2023.04.15 දින දහවල් කාලයේදී පැමිණ එම නිවසේ රැදි සිටියදී මෙසේ අතුරුදහන් වී සිටියදී දරුවා අනතුරට ලක් වන්නට ඇතැයි පොලීසිය කියයි. නෙළුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

