saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4465 hours ago

LATEST

කොල්ලුපිටිය අනතුරේ මෝටර් රථයේ පැමිණි කාන්තාවට පහරදුන් ප්‍රධාන සැකකාරිය සොයයි

calendar_today 2022 දෙසැ 13 - 21:37 remove_red_eye - 1077  

කොල්ලුපිටියේදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රතයක රියදුරු මිය යාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන හාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහත

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසිය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

Read More

ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ආර්ජන්ටිනාව හා ක්‍රොයේෂියාව අද (13දා) තරග බිමට පිවිසීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උළෙල මෙවර ගල්කිස්ස මහ හෝටලයේ ‘එම්පයර් බෝල්රූම්’ ශාලාවේදී අද (13) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු දෙදෙනකු ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ නීතිපතිවරයා පෙනී නොසිටීන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13දා) දැනුම් දුන්නේය.

Read More

හම්බන්තොට, ග‍ොඩවාය පැරණි වරාය ආසන්න මුහුදෙන් හමු වී ඇති දකුණු ආසියාවේ පැරණිත ම නෞකාවේ ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 82,900ක මුදලක් ප්‍රදානය කිරීම අද (13දා) සිදුකෙරිණි.

Read More

මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13දා) නියෝග කළේය.

Read More

අමානුෂික ලෙස පහර කෑ තම දරුවාටත් මාන්චු දමා පොලිසිය වෙත ගෙන ගිය පොලිසිය මගින් සාධාරණ පරික්ෂනයක් සිදුවේදැයි සැක සහිත බවත් එම නිසා මෙම පහර දිම සම්බන්ධව රජය මැදිහත්වි සාධාරණ පරික්ෂනයක් සිදුකල යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භු ගර්භ විද්‍යා අධ්‍යන අංශයේ ජේශ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එළගවයින්, මී ගවයින් හා එළුවන් 1660ක් පමණ මරණයට පත් විය. එමෙන්ම තවත් සතුන් විශාල ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වූහ.මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදු කර වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13දා) නියෝග කළාය.

Read More

විදුලිබිල ගෙවීම් පැහැර හැර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද යන්න ආණ්ඩුවෙන් විමසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය

Read More

කුලී ගමනක් යන මුවාවෙන් තී රෝද රථයකට ගොඩ වු පුද්ගලයන් දෙදෙනකු රයිගම මල්වත්ත ප්‍රදේශයේදී රියදුරු සතුව තිබූ රුපියල් 17000ක මුදලක් හා ත්‍රීරෝද රථය කොල්ල කා රැගෙන ගොස් පසුදින අද (13දා) මිල්ලනිය පරගස්තොට තොටුපිටිය වත්ත ප්‍රදේශයේ දී අත්හැර දමා ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.

Read More

බ්‍රිතාන්‍ය යුවලක් සිංහළ සංස්කෘතියට අනුව කළුතර කටුකුරුන්දේ දී යුග දිවියට එළඹිනි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදුන් බවට චෝදනා නැගුණ සිසුන් දොළොස් දෙනාගෙන් දස දෙනෙකු පේරාදෙණිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී කුඩාලොරි රථයකින් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ වියලි කහ කිලෝ 2400 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැහැර විය හැකි බවට එම ප්‍රහාරය සිදු වු අවස්ථාවේ නොසිතු සේම වර්ථමානයේද සිතන බවත්, එය ආණ්ඩුවේ ස්ථාවර බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.

Read More

අම්පාර සහ මන්නාරම නගර සභා මහ නගර සභා ලෙස උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

විශ්වවිද්‍යාල තුළ පහරදීම් ඇතුලු අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු පක්ෂ එකට එකතුවී තීරණයක් ගත යුතු බව අද (13දා) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් අදහස් පළ කරමින් පැවසීය.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

පිළිකා රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙකු ඉන් ඇතිවන වේදනාව දරාගත නොහැකි කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ් මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය.

Read More

අද ( 13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට ඊයේ (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය.

Read More

වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිම බරපතල ලෙස අවම මට්ටමක පවතින බවත් අධ්‍යාපනය බරපතල කඩා වැටිමකට ලක්ව ඇති බවත් වතුකරයේ ළමුන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින බවත් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.

Read More

පොලී රහිත ණය ලබාදීම වැනි දිරි ගැන්වීම් හරහා ජනතාව අතර සූර්ය පැනල භාවිතය ප්‍රචලිත කරන්නේ නම් විදුලි බිල වැඩි නොකර මෙම විදුලි අර්බූදය විසඳා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ කෑගලු දිසා සමුළුව ඊයේ (11දා) දින අමතමිනි.

Read More

ගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක පැවති ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟයක් අවසානයේ, අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් ආදි ශිෂ්‍යයෙකු ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර බවත්, අනතුර සිදු කර පළාගිය රියදුරාද රහසිගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවද ගල්නෑව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.