අද උදෑසන 8.15 ට පමණ දෙහිවල ඕබන් පෙදෙස වෙරළට අඩි 8 කට වැඩිය දිග විශාල කිඹුලකු ගොඩ ගසා ඇතැයි ධීවර සංගම් ලේකම් කුමාර ගෝමස් මහතා කියා සිටී .
මෙම කිඹුලා උදෑසන 8.15 ට පමණ වෙරල තීරයේ ගැවසෙන බල්ලන් ඉලක්කකර එකවර ජල පහරත් සමග වැලිතලාවටම පැමිණ ගොඩ දෙසට ඇදෙමින් සිටි බවත් ධීවරයින් එම ස්ථානයට යන විට නැවත හැරී දියඹට පලාගිය බවත් ඔහු කියා සිටී.
පසුගිය කාලයේ මෙම ස්ථානයේදීම සුරතල් මසුන් ඇල්ලීම සිදුකරමින් ගැඹුරු මුහුදට බැස දියඹ යට පීනා යමින් සිටි පිහිනුම්කරුවකුද ඩැහැගනු ලැබ මියගොස් ඇති බැවින් මෙම වෙරළ තීරයේ දියඹට බැස දිය නෑම හෝ ගුඹුරු මුහුදේ කිමිදීම ඉතාම අවධානම් බැවින් නිතර නිතර කිඹුලා ගොඩට පැමිණිය හැකි බැවින් ඒ සදහා අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී.
දෙහිවල එච් එම් ධර්මපාල
