ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්, වෘත්තීය සංගම් බෑ
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.
වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද පැවසීය.
විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත් උපාධිධාරී ගුරුවරයෙකු මෙමගින් බිහිවන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පලාතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට හලාවත සුදසුන රංග ශාලාවේ දී එක්වෙමිනි.
popular news
-
Kumar Wednesday, 12 July 2023 02:07 AM
dan thibena wishwavidyalawalama nawa paatmaala athikalaloth honda nadda. lankawata wadaa diyunu americaavey may kramayayi anugamanaya karanney.
Reply : 0 0
Sarasi Wednesday, 12 July 2023 11:20 AM
ඇත්ත ම කිව්වොත් ඒක ලොකු දෙයක්. ප්‍රාතමික පන්තිවලට දාන්න ඕන වඩාත්ම උගත් අයයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
