ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණු බවත් සඳහන්.
නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Air – defence Multipurpose frigate වර්ගයට අයත් ‘LORRAINE’ නෞකාව, දිගින් මීටර් 142.20 ක් හා නැව් මුළුව 154 ක ගෙන් සමත්විත වන බවත්, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරනු ලබන බවයි.
නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දිනයේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු පවත්වා තිබේ.
එමෙන්ම, ‘LORRAINE’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇතැයි සඳහන්.
‘LORRAINE’ නෞකාව 2023 ජුලි මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.



