විල්පත්තුව මොරන්දන්වේලි ප්‍රදේශයෙදී හිස කලු දෑකැති මානා පක්ෂීන් මරා මස් පිණිස රැගෙන යමින් සිටි පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාල නිළධාරින් පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයෙ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයින් තිදෙනෙකු බවත් මොවුන් නීති විරෝධි ලෙස විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ මොරන්දන්වේලි කලාපයට ඇතුළු වී වෙඩි තබා මෙම හිස කලු දෑකැති මානා පක්ෂීන් තිදෙනෙකු මරා තිබියදී වනජීවි නිළධාරින් විසින් සිදුකල වැටලීමටකදී අත් අඩංගුවට ගෙන තිබුනී.
අදාල සැකකරුවන් තිදෙනා සමග බෝර 12 ගිනි අවිය ජීව පතොරම් 2 ක් මෙම සැකකරුවන් මරා තිබු පක්ෂීන් සමග අත් අඩංගුවට ගෙන තිබුනී.
අදාල හිස කලු දෑකැති මානා (BLACK HEADED IBIS) වගුරු බිම් ආශ්‍රීතව ජීවත් වන අතර ශ්‍රී ලංකාව,ඉන්දියාව,පාකිස්ථානය ඇතුළු ගිනි කොණ ආසියානු රටවල විශාල ලෙස රැදි සිටින බවත් ආකර්ශනීය විශාල පක්ෂීයකු ලෙස සැලකෙයි.
මෙම පක්ෂීන් මරා දැමිමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනුන සැකකරුවන් වනජීවි ඇප මත මුදා හැර ඉදිරි අධිකරණ කටයුතු කිරීම සදහා අදාල කටයුතු සිදු කරන බව එළුවන්කුලම වනජීවි කාර්යාලයෙ නිළධාරින් පවසයි.
විල්පත්තුව උද්‍යාන පාලක සුරංග සේනානායක මහතාගේ උපදෙස් මත එළුවන්කුලම වනජීවි කාර්යාලයෙ අඩවි ආරක්ෂක ආර්.ඩි.ඩි.එම්.ජයවිර මහතාගෙ මෙහෙයවිමේන් අඩවි ආරක්ෂක කේ.පී.උදය කරුණානායක හා කේෂත්ර සහායක අයි.යු.රත්නායක යන නිළධාරින් වැටලිම සිදුකර තිබුනී.